කොළඹ, ගාලුමුවදොර පිටියට යාබද ස්ථානයක් “උද්ඝෝෂණ ස්ථානය” ලෙස නම් කර තිබෙනවා.
මෙය උද්ඝෝෂණ කරුවන් වෙනුවෙන්ම නම් කර ඇති බව සදහන්.
නිරන්තරයෙන් කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් අතිවිශාල ජනතාවක් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන තිබෙනවා.
කොළඹ ලෝටස් පාර, ගාලුමුවදොර, පුරහල ලිප්ටන් වටරවුම වැනි අතිශයින් ජනාකීර්ණ ස්ථාන මෙම උද්ඝෝෂණ සඳහා තෝරාගැනීම හේතුවෙන් අධික වාහන තදබදයත්, සාමාන්‍ය ජනජීවිතයට දැඩි පීඩා එල්ලවීමත් නිතරම දැකිය හැකි වනවා.
මේ තත්ත්වය තුළ සිදුකෙරන මාර්ග වසාදැමීම්, උද්ඝෝෂකයින් පළවා හැරීම සඳහා ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කිරීම් වැනි අවස්ථාවල දී උද්ඝෝෂකයින් පමණක් නොව සාමාන්‍ය ජනතාවද ඒවායේ ගොදුරු බවට පත්වන අවස්ථා තිබෙනවා.
එබැවින් ඉදිරියේදී එවැනි දේ සිදුනොවීම සදහා මෙම ස්ථානය උද්ඝෝෂණකරුවන් වෙනුවෙන් වෙන් කළ බව සදහන්.