නව කොරෝනා වෛරසයත් සමග චීනය හා පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමග මේ වන විට ලොව බොහෝ රටවල් චීනය සමග පවත්වනු ලබන ගුවන් ගමන් සිමා කර ඇති බව සදහන්.
එමෙන්ම චීන රජය විසින් ද සිය පුරවැසියන්ට සංචාරක සිමා පනවා තිබෙනවා.
මේ හේතුවෙන් චීනයේ පවතින වත්මන් තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ චීනය අතර සතිපතා සිදුකරන ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට පියවර ගත් බව සදහන්.
මේ හේතුවෙන් හෙට (06) දිනයේ සිට මාර්තු මස 28 වෙනිදා දක්වා චීනයේ නගර තුනක් සඳහා සිදුකරනු ලබන ගුවන් ගමන් මෙසේ සිමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සතිපතා චීනයේ බිජිං හා ෂැංහයි යන නගර දෙක බලා සිදුකරනු ලබන ගුවන් ගමන් වාර ගණන 04 සිට 02 දක්වාද, කැන්ටන් දක්වා සිදුකරනු ලබන සතිපතා සිදුකරනු ලබන ගුවන් ගමන් වාර ගණන 07 සිට 03 දක්වාද සිමා කළ බව සදහන්.
මෙම ගුවන් ගමන් සිමා කිරීමෙන් පසු අබුඩාබි කළාපය දක්වා සිදුකරනු ලබන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.