News Line| Off Air
Generic placeholder image

Feb
5

සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීමට යෝජනාවක්

3625 Views


සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීමට යෝජනාවක්

රට ගොඩනැගීමට නම් සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත්කර, සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කළා.

කොළඹ ‘වොන්ඩර්’ හෝටල් පරිශ්‍රයේ අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

නිදහස ලැබීමට පෙර මෙරට තුළ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වැඩකටයුතු කළ බවත්, නිදහස ලැබීමෙන් අනතුරුව සිංහල සහ දෙමළ ජාතික භාෂාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් ජාතීන් අතර අසමඟිය හටගැනීම ආරම්භ වූ බවත් එතුමා එහිදී සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post