News Line| Off Air
Generic placeholder image

Feb
6

මගීන් 171 ක් සමග ගුවන් යානයක් ඉස්තාන්බූල්හීදී අනතුරට ( photo )

2234 Views


මගීන් 171 ක් සමග ගුවන් යානයක් ඉස්තාන්බූල්හීදී  අනතුරට ( photo )

ඉස්තාන්බුල්හි සබීහා ගොක්සන් ගුවන් තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්වී තිබෙනවා.
ගුවන් යානය ගොඩ බසින අවස්ථාවේදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන යානය කොටස් තුනකට කැඞී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මියගොස් ඇත්තේ තුර්කි ජාතිකයෙක්.
පෙගාසස් එයාර්ලයින්ස් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානය තුළ මගීන් 171 ක් දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ගමන් කර තිබුණා.
අනතුර හේතුවෙන් ගුවන් තොටුපල වසාදමුණු අතර ගුවන් තොටුපල වෙත පැමිණි යානා හරවා යැවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post