News Line| Off Air
Generic placeholder image

Feb
6

චීනයේ නගර 03 කට ශ‍්‍රී ලංකන් ගුවන් ගමන් අඩු කෙරේ

614 Views


චීනයේ නගර 03 කට ශ‍්‍රී ලංකන් ගුවන් ගමන් අඩු කෙරේ

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත කෙරෙන ගුවන් ගමන් අද සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා.එම පියවර ගෙන ඇත්තේ කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන්.
චීනයේ බීජිං / ෂැන්හයි හා කැන්ටන් දක්වා වන ගුවන් ගමන් වාර මෙලෙස අඩු කර තිබෙනවා.

බීජිං වෙත සතිපතා සිදු කරන ගුවන් ගමන් වාර 4 සිට 2 ක් දක්වාත් ෂැංහයි වෙත සිදු කරන ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වා සහ කැන්ටන් වෙත ගුවන් ගමන් වාර 7 සිට 3 දක්වා අඩු කර ඇති බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කලේ.

අද සිට ලබන මස 28 වෙනිදා දක්වා මෙය ක‍්‍රියාත්මකයි. දියතලාව යුධ හමුදා කදවුරේ රදවා සිටින චීනයේ වුහාන් නුවර සිටි පැමිණි ශ‍්‍රී ලාංකිකයින් පිරිස යහපත් තත්වයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

චීනයේ වුහාන් නගරයේ සිටි පැමිණි ශ‍්‍රී ලංකිකයින් 33 දෙනා දිවයිනට පැමිණියේ පසුගිය පලමුවනදායි. එම පිරිසට කාන්තාවන් 16 ක් පිරිමි පුද්ගලයින් 13 ක් කුඩා දරුවන් 04 දෙනෙකු ඇතුළත්.

මුලික පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.දිනකට තුන් වරක් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂාකරනු ලබන අතර එම කටයුතු විශේෂඥ වෛiවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post