News Line| Off Air
Generic placeholder image

Feb
6

ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදහස් – තව දුරටත් ජනපති ධුරයේ

569 Views


ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදහස් – තව දුරටත් ජනපති ධුරයේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය සෙනෙට් සභාව හමුවේ පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග චෝදනාවලින් නිදහස් වීමට ජනපතිවරයා සමත්ව තිබෙනවා. අමෙරිකානු සෙනෙට් සභාව ඉදිරියේ දෝෂාභියෝග චෝදනා දෙකක් ගොනුවී තිබුණු අතර එම දෝෂාභියෝගයට විපක්ෂව ඡන්ද 52ක් සහ පක්ෂව ඡන්ද 48ක් හිමි වුණා.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම දෝෂාභියෝගය ජය ගැනීමට සමත් වුණා.එමෙන්ම අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙසින් ඔහු තව දුරටත් කටයුතු කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post