සිංගප්පූරු ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව නීතිපතිවරයා ශේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් අද කැදවනු ලැබුවේ විජිත් මළල්ගොඩ, එල්ල. ටී.බී. දෙහිදෙනිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ එන්. විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව දැනුම් දුන්නා.
අදාළ පෙත්සම් ජූලි මස 13 වනදා යළි කැඳවීමට නියම කළ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥවරයාට නියම කලේ එදින මෙම කටයුතුවල ප‍්‍රගතිය දැනුම් දෙන ලෙස යි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය රජය සමයේ සිංගප්පූරුව සමග ශ‍්‍රී ලංකා රජය අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අත්සන් කර තිබෙන බවයි.