News Line| Off Air
Generic placeholder image

Feb
6

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරි සහ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

675 Views


ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරි සහ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගත් අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගෙන මුදල් විශුද්ධිකරණය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය සඳුදා වරෙන්තු නිකුත් කළා.


News Articles
Latest Videos
Most Popular Post