News Line| Off Air
Generic placeholder image

Feb
6

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාගැනීමේ වෛද්‍ය පරීක්ෂණය වෙනුවෙන් තවත් රෝහල් 150 ක්

2597 Views


සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාගැනීමේ වෛද්‍ය පරීක්ෂණය වෙනුවෙන් තවත් රෝහල් 150 ක්

සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා රජයේ රෝහල් මගින් පහසුකම් ලබාදීමට රජය සැලසුම්කර තිබෙනවා.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පමණක් සිදුකරන සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාගැනීමේ වෛද්‍ය පරීක්ෂණය ඒ අනුව තවත් රජයේ රෝහල් 150 ක දී සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සදහන්.

ඒ අනුව එම සේවය මහරෝහල්, මුලික රෝහල් ඇතුළු රෝහල් කීපයකට විමධ්‍යගතකර තිබෙනවා.

එහෙත් එම රෝහල් මඟින් අදාළ වෛද්‍ය සහතික නිකුත් කිරීමේදි සේවාලාභීන්ට එකම ස්ථානයකින් සියලු පරීක්ෂණ කටයුතු සිදු කරගැනීමට හැකියාවක් නොමැති බැවින් රජයේ රෝහල්වල එම කාර්යය සඳහා වෙනම ඒකකයක් පවත්වා ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් සකස් කරනු ලබන ආකෘතියකට අනුව රජයේ රෝහල් මඟින් ද අදාළ පරීක්ෂාවන් සිදු කර සේවාලාභීන්ට වෛද්‍ය වාර්තාවන් ලබා දීමට නියමිතයි.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට වෛද්‍ය ආඥාපනත යටතේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී සලකා බලනු ලබන වෛද්‍ය සහතික නිකුත් කිරීමට බලය පැවරෙන අයුරින් 2009 අංක 8 දරන මෝටර් රථවාහන පනත සංශෝධනය කිරීමටද නියමිත බව සදහන්.

ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම කැබනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post