එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයෙන් ඉවත් කර තිබෙනවා. වැලමිටේ ආබාධය තවමත් සුව නොවීමයි ඊට හේතු වූ බව සදහන්.
මෙම ආබාධය හමුවේ ඔහුට මාස කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්වී සිටීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකට සහභාගී වීම සඳහා එංගලන්ත කණ්ඩායම ලබන මස 3 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරඟය ලබන මස 19 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරෙනු ඇති.