ඩෙංගු මර්දනය සදහා නව බැක්ටීරියා විශේෂයක් හදුන්වා දීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.එම බැක්ටීරියා විශේෂය ලබන දෙවනදා හදුන්වාදීමට නියමිතයි. මෙම බැක්ටීරියාව හදුන්වනු ලබන්නේ වොල්බැකියා නමින්.
ඕස්ටේ‍්‍රලියාවේ මොනෑස් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදු කල පර්යේෂණයකින් පසු එරට දී එය සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
මෙම බැක්ටීරියාව දැනට භාවිතයට ගන්නා රටවල් ගණන 12 ක්.
ඒ අනුවලබන දෙවනදා මහරගමදී නියමු ව්‍යාපෘතියක් ලෙස එය පරිසරයට මුදා හරින බවයි ජාතක ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛi අරුණ ජයසේකර මහතා සදහන් කළේ.
මේ වසරේ ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 10 519 දෙනෙකු වාර්තා වී තිබෙනවා.ඩෙංගු රෝගය හේතුවෙන් පසුගිය වසරේ මෙරට තුළ මියගිය පුද්ගලයින ගණන 100ක්. 2018 වසරේ ඩෙංගු රෝගයෙන් පුද්ගල මරණ 435 ක් සිදුව තිබෙනවා.