පොදු සමාකාලය ප්‍රකාශයට පත්කර ගෙවුනු දින දෙක තුල නාවික හමුදා සාමාජිකයන් 396 දෙනෙකු නාවික කඳවුරු වෙත භාරවී තිබෙනවා.
72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත් කෙරුණා.
නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා හෝ නැවත සේවයට එක්වීමට මෙමගින් අවස්ථාව සලසා දී තිබෙනවා.
ලබන බදාදා තෙක් මෙම පොදු සමාකාලය බලපැවැත්වෙන අතර මේ යටතේ භාරවන සාමාජිකයන් හට කිසිඳු දඩුවමක් සිදු නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළා.