News Line| Off Air
Generic placeholder image

Feb
7

අගමැති මහින්ද ඉන්දියාව බලා පිටත්වෙයි

725 Views


අගමැති මහින්ද ඉන්දියාව බලා පිටත්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් සිව් දින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වුණා.

අග්‍රාමාත්‍යවරයා යූ.එල්. 195 දරණ ගුවන් යානයෙන් අද දහවල් 1.55 ට ඉන්දියාවේ – නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.

අග්‍රාමාත්‍යවරයා අද පස්වරු 5.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ළඟාවීමට නියමිතයි.

ඔහු පිළිගැනීම සඳහා හෙට දිනයේ ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් හිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post