News Line| Off Air
Generic placeholder image

Feb
7

ගිනි අවියක් සමග සුනඛයෙක් පොලීසියට කොටුවෙයි

2854 Views


ගිනි අවියක් සමග සුනඛයෙක් පොලීසියට කොටුවෙයි

මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශයෙන් සුනඛයෙකු කළ වීරක්‍රියාවක් වාර්තා වුණා.ඒ හේතුවෙන් භයානක අපරාධයක් වැළකී ගොස් තිබෙනවා.

මාර්ගයේ ගමන් කළ සුනඛයෙකු කිසියම් බෑගයක් කටින් සපාගෙන එන ආකාරය මාර්ගයේ ගමන් කළ පොලිස් නිළධාරියෙකු දැක තිබෙනවා.

පසුව එම බෑගය පිළිබඳ සැක සිතූ පොලිස් නිළධාරියා එය පරික්ෂාවට ලක් කිරීමේදී ඒ තුල තිබී ගිණිඅවියක් සොයාගත් බව සදහන්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කළ අතර සුනඛයා ගැවසුනු ප්‍රදේශය අවට නිවෙස්වල සවිකර ඇති සී.සී.ටී.වි පද්ධති පරික්ෂාවට ලක් කිරීමට පොලිස් නිළධාරින් පියවර ගෙන තිබෙනවා.

එහිදී කිසියම් පුද්ගලයෙකු සැකකටයුතු බෑගයක් සගවන ආකාරය සී.සී.ටී.වී දර්ශණවල සටහන් වී ඇති ආකාරය පොලිස් නිළධාරින්ට නිරික්ෂණය වී ඇති අතර සුනඛයා විසින් කටින් සපාගෙන පැමිණ ඇත්තේ සැකකරු විසින් සගවා තිබූ ගිණිඅවිය සහිත බෑගය බව තහවුරු කර ගත් පොලිසිය අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම ආරම්භ කර තිබෙනවා.

අදාල සැකකරු අසල්වැසි නිවසක පදිංචිකරුවන් සමග පවතින ආරවුලක් හේතුවෙන් කිසියම් අපරාධයක් සඳහා මෙම ගිණිඅවිය රැගෙනවිත් ඇති බවට පොලිසිය සැක කරනවා.

සිදුවීමට ගිය භයානක අපරාධයක් කිසිඳු පුහුණුවක් නොමැති දඩාවතේ යන සුනඛයෙකු හේතුවෙන් වැළැක්වුනු බව පොලිසිය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post