News Line| Off Air
Generic placeholder image

Feb
7

විරෝධතාවයේ නිරත ඩෙංගු මර්ධන සහයකයින් හමුවට හදිසියේ ජනපති පැමිණෙයි

706 Views


විරෝධතාවයේ නිරත ඩෙංගු මර්ධන සහයකයින් හමුවට හදිසියේ ජනපති පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වෙන්කර ඇති විරෝධතා සඳහා වෙන් කර තිබු ස්ථානයට පැමිණ එහි සිටි විරෝධතා කරුවන් පිරිසක් හමුවී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්ධන ඒකකයේ සේවකයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල වෙන් කර තිබු විරෝධතා භුමියේ විරෝධතාවයේ යෙදී සිටියා. එම අවස්ථාවේදී ඒ ස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විරෝධතාකරුවන් හමුවූවා.

ඉදිරියේදී රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මෙම පිරිසටද රැකියා ලබාදීමට කටයුතු කරන බව එහිදී ජනාධිපතිවරයා එම ස්ථානයේ රැඳී සිටි විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post