නවම්පුර පසලොස්වක පෝය දිනය අදයි.
ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක් සඳහන් වනවා.
සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු සිදුවූයේ අද වන් පොහෝ දිනකයි.
මෙවැනි වදගත්කමකින් යුත් නවම්පුර පසලොස්වක පෝය දිනය බෞද්ධ ඔබ සියලු දෙනාට පින් රැස්කර ගැනීමට හැකිවන උතුම් පොහොය දිනයක් වේවා.