News Line| Off Air
Generic placeholder image

Feb
8

ෆේස්බුක් වලටත් සයිබර් ප්‍රහාරයක්

983 Views


ෆේස්බුක් වලටත් සයිබර් ප්‍රහාරයක්

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ සන්ධ්‍යාවේ එලෙස එම ගිණුම්වලට අනවසරයෙන් පිවිසුණු හැකර්වරුන් ෆේස්බුක් හි එම ගිණුම් තාවකාලිකව අත්පත් කරගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ෆේස්බුක් සහ මැසෙන්ජර් හි ට්විටර් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල ෆේක්බුක් ගිණුම වුවද අවදානමක් සහිත බව ඔවුන් සටහන් කර තිබෙනවා.

කෙසේ නමුත් එම ගිණුම් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා.

මෙම අනවසර පිවිසුම සිදුකර ඇත්තේ අවර් – මයින්ඩ් නැමැති හැකර්වරුන් කණ්ඩායම විසින් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post