News Line| Off Air
Generic placeholder image

Feb
8

ගංගාරාම නවම් පෙරහර අවසන් වීථි සංචාරය අද

770 Views


ගංගාරාම නවම් පෙරහර අවසන් වීථි සංචාරය අද

කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහරේ අවසන් පෙරහර අදයි.

41 වන වරට මෙවර ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර පැවැත්වෙනවා.

අද දිනයේදීත් පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් සලසා ඇති බව ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.

මේ අතර නවම් මහා පෙරහර හේතුවෙන් අදත් කොළඹ නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය දැනුම් දී තිබෙනවා.

සවස 6 යි 30 සිට පෙරහර අවසන් වනතෙක් පෙරහර ගමන්ගන්නා මාර්ගවල මෙම ධාවන සැලැස්ම ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් අදාල කාලය තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post