නව කොරෝනා වෛරසය වැළඳී මුලුමනින්ම සුවය ලබා සිටින චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං වෙත යවා තිබෙනවා.
ඊයේ පස්වරුවේ එම සාම්පල යොමුකල බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවා.
සාර්ස් වෛරසය සම්බන්ධයෙන් මෙන්ම නව කොරෝනා වෛරසය පිළිබඳ පර්යේෂණ සිදුකරන ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා සේවය කරන විශ්ව විද්‍යාලය වෙත මෙම ජෛව සාම්පල යවා තිබෙනවා.
කොරෝනා වෛරසයට අදාළව පුද්ගලයන් 25 දෙනෙකුගේ පමණ ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය විසින් මේ වනවිට පරීක්ෂණයට ලක් කර ඇති බවද ඔහු සඳහන් කලා.
මේ අතර චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු දියතලාව යුධ හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු සඳහා යොමුකර අදට දින 7 ක් ගතවනවා.
ඔවුන් කිසිවෙකුත් අයහපත් සෞඛ්‍ය ලක්ෂණ පෙන්නුම් කර නොමැති බැවින් ලබන සෙනසුරාදා වනවිට ඔවුන්ට සිය නිවෙස් වෙත පිටත්ව යාමට හැකිවනු ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවා.