News Line| Off Air
Generic placeholder image

Feb
9

අගමැති මහින්ද ඉන්දියාවේ සිද්ධස්ථාන වැඳ පුදා ගනී

807 Views


අගමැති මහින්ද ඉන්දියාවේ සිද්ධස්ථාන වැඳ පුදා ගනී

ඉන්දීය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා වරනාසී සහ සාරානාත් ප්‍රදේශවල සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටත්, සාරානාත්හි කෞතුකාගාරය සහ ඉසිපතන මිගදාය පුරාවිද්‍යාභූමියේ සංචාරයක නිරත වීමටත් නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා.

ඉන්දීය රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමුනියම් ජයශංකර් මහතා සමඟත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමඟත් සාකච්ඡා පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post