News Line| Off Air
Generic placeholder image

Feb
9

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගංවතුර තත්වයක්

743 Views


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගංවතුර තත්වයක්

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජලගැලීම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන් වෙනවා.

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අධික වැසි සහිත අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා තුලින් දැක ගත හැකිය.

එරට සමස්ත ජනගහණයෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවක් වාසය කරන්නේ එම ප්‍රාන්තයේ වන අතර අයහපත් කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති බව සඳහන් වෙනවා.

දශක දෙකකින් ප්‍රාන්තයට මෙවැනි දැඩි වර්ෂාපතනයක් ලැබී නොමැති අතර ක්ෂණික ගංවතුර තත්ත්වයන් පිළිබඳව අනතුරු ඇඟවීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණා.

වැසි ඇද හැලුණත් ප්‍රාන්තයට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය තවමත් පහව ගොස් නැති අතර එහි සක්‍රිය මට්ටමේ පවතින ලැව්ගිනි 35කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් බලධාරීන් පෙන්වා දෙන්නේ ලබන සතිය තෙක් වැසි අපේක්ෂිත බැවින් ලැව්ගිනි ක්‍රමයෙන් පහව යනු ඇති බවයි.මේ අතර මාධ්‍ය හමුවකට එක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත හදිසි සේවා අමාත්‍ය ඩේවිඩ් එලියට් ගංවතුර තත්ත්වයන් පිළිබඳව සුපරීක්ෂාකාරීව, සිටින ලෙසටද ජනතාවට අනතුරු අඟවා තිබුණා.

ගංවතුර තත්ත්වය හේතුවෙන් දින දෙකක් තුළ මුදාගැනීමේ මෙහෙයුම් 13ක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට සිදුව ඇති අතර කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය ඔස්ට්‍රේලියාව පුරා ලැව්ගිනි ශීඝ්‍රයෙන් පැතිර ගියේ අක්කර මිලියන ගණනක් විනාශයට පත්කරමින්.

කෙසේ වෙතත් මෑත සතිවල කාලගුණයේ සිදු වූ වෙනසත් සමග අධික වැසි , හිම කුණාටු සහ තාප තරංග යන කාලගුණික තත්ත්වයන් පිළිබඳව එරටින් වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post