News Line| Off Air
Generic placeholder image

Feb
9

මුලතිව්වල සිදුවු පිපිරීමකින් පුද්ගලයෙකුට බරපතළ තුවාල

638 Views


මුලතිව්වල සිදුවු පිපිරීමකින් පුද්ගලයෙකුට බරපතළ තුවාල

මුලතිව්, සිලාවත්ත ආදර්ශ ගම්මාන ප්‍රදේශයේ පරණ යකඩ භාණ්ඩ එක් රැස් කරන ස්ථානයක දී මෝටාර් උණ්ඩයක් ගැලවීමට උත්සාහ කළ පුද්ගලයෙකු එය පුපුරා යාමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ අදාළ ව්‍යාපාර ස්ථානයේ හිමිකරු වු 42 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.

වැඩිදුර විමර්ශනවලදී තුවාලකරුගේ නිවසේ තිබී තවත් මෝටාර් උණ්ඩ 3ක් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සොයා ගෙන ඇති බව සඳහන්. සිදුවීම සම්බන්ධයෙන් තුවාලකරුගේ මව වන 69 හැවිරිදි කාන්තාවක් හා 39 හැවිරිදි සහෝදරයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.

ඔවුන් අද (09) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post