19න් පහල යොවුන් ලෝක කුසලානය හිමිකරගැනීමට ඊයේ බංගලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින්.
බංගලාදේශය ක්‍රිකට් ඉතිහාසය පුරාවට ලෝක කුසලානයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය වූ අතර විශේෂයෙන්ම මිට පෙර පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලි හතරේම ශුරතාවය හිමි කර ගැනීමට සමත් වුයේ මෙවර බංගලාදේශය යොවුන් කණ්ඩායම පරාජය කල ඉන්දීය යොවුන් කණ්ඩායම විසින්ය.
කෙසේ වෙතත් ඊයේ මෙම තරගය අවසානයේදී බංගලාදේශය යොවුන් කණ්ඩායම සිය ජයග්‍රහණය සමරන විටදී ක්‍රීඩා පිටිය තුල ඉන්දීය යොවුන් කණ්ඩායම හා ගැටුමකටද අවතීර්ණ වුණා. විනිසුරුවන් හා කණ්ඩායම් දෙපිලේම පුහුණුකරුවන් විසින් එම ගැටුම සමථයකට පත් කිරීම සදහා බොහෝ වෙහෙසක් දැරීමට සිදු වූ බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.