News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ඉක්මනට මැරෙන්න ඕනෙ නම් වැඩියෙන් WI – FI භාවිතා කරන්න.

2048 Views


ඉක්මනට මැරෙන්න ඕනෙ නම් වැඩියෙන් WI – FI භාවිතා කරන්න.

සියල්ල වයර්ලස් වෙමින් යන මේ කාලේ Wi Fi  කියන්නෙ අපටම නැතුවම බැරි දෙයක්. තොරතුරු සම්ප්‍රේෂ්ණයේ ඉහලින්ම ඉන්න Wi Fi  කියන්නෙ තාපන බලයක් ඇති නොකරන ක්ෂුද්‍ර තරංග විශේෂයක්. ඔබේ ගෙදර , ඔෆිස් එක වගේම පාරෙත් දැන්  Wi Fi  තියෙනවා. හැම හොඳ දේකම නරක පැත්තකුත් තියෙන්වා කියලා අමතක කරන්න බෑ. ඉතිං ඔබ නිකමට කල්පනා කරාද Wi Fi  වලින් අපිට සිද්ධ වෙන අහිතකර බලපෑම් ගැන?

අවාසනාවකට තාක්ෂණයේ දියුණුවත් එක්ක එන නරක බලපෑම් අපිට එන්නෙ හැංගිලා. කොහොම වුනත්  Wi Fi  අපට කරන හානිය නම් සුළු කර තකන්න බෑ. මේ හානිය, අපි මේ තරංග වලට නිරාවරණය වෙන කාල සීමාව සහ ඒවායේ ප්‍රබලතාවය එක්ක වෙනස් වෙනවා. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නියෝජිත ආයතනයෙන් එළිදක්වපු ඔවුන්ගේ අළුත්ම පර්යේෂණ තොරතුරු අතර Wi Fi  වලින් වෙන්න පුළුවන් භයානක ප්‍රථිඵල ගැන සඳහන් කරලා තිබුනා.

  1. කුඩා ළමයින්ගේ පටක වර්ධනය අඩාල වෙන්න මේ තරංග බලපානවා.
  2. බාල, තරුණ කාගෙත් ස්නායු ආබාධ මතු වෙන්න ඉඩ තියෙනවා.
  3. නින්ද නොයෑම සහ කඩින් කඩ නින්දෙන් ඇහැරීම.
  4. මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වීම නිසා මත ශක්තිය අඩු වීම.
  5. පිරිමි අයගේ ශුක්‍රාණු නිෂ්පාදනය අඩු වීම, DNA වෙනස්වීම හා විකුර්ති ඇති වීම.
  6. හදවත් රෝග සහ පිළිකා ඇති වීමේ අවධානම වැඩි වීම.

හැබැයි බයවෙන්න එපා. Wi Fi  අපිට කරන මේ කරදර වලින් බේරෙන්න ක්‍රමත් තියෙනවා.

  1. නිදන කාමරයේ හෝ කුස්සියේ Wi Fi රවුටරය සවි කරන්න එපා.
  2. මොබයිල් ඵෝන් එක නිතරම සාක්කුවේ දාගෙන යන්න එපා.
  3. නිවසේදී, කාරයාලයේදී හැකිතාක් රැහැන් දුරකථන භාවිතා කරන්න.
  4. ඔබ ගර්භණී නම් මොබයිල් ෆෝන් එක උදරය ආසන්නයේ තබා ගන්න එපා.
  5. ජංගම දුරකථන කථා කාල හැකි තාක් අඩු කරන්න.
  6. ඔබේ දරුවන්ට කිසි විටෙක Wi Fi ක්‍රීඩා භාණ්ඩ හෝ Wi Fi Child Care භාවිතයට නොදෙන්න.
  7. ඔබ නින්දට යනවිට Wi Fi රවුටරය Off කරන්න.


News Articles
Latest Videos
Most Popular Post