News Line| Off Air
Generic placeholder image

Feb
10

කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

517 Views


කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදාවේ නිලධාරින් කිහිපදෙනෙකු දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක, කොමදෝරු ආර්.පී.එස්. රණසිංහ සහ ලුතිනන් කමාන්ඩර් එච්.එම්.පී.සී. හෙට්ටිආරච්චි යන නිලධාරීන් ජනපති කොමිසම හමුවේ අද පස්වරුවේ පෙනීසිටින බව වාර්තා වෙනවා.

එම නිලධාරීන් විසින් දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශ ලබාගැනීම සඳහා මෙම කැදවීම සිදුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post