News Line| Off Air
Generic placeholder image

Feb
10

කොරෝනා වෙනුවෙන් චීන මහ බැංකුව ඩොලර් බිලියන 43 ක් මුදාහරී

620 Views


කොරෝනා වෙනුවෙන් චීන මහ බැංකුව ඩොලර් බිලියන 43 ක් මුදාහරී

කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා චීන මහ බැංකුව ඩොලර් බිලියන 43ක මුදලක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා. එහි පළමු කොටස අද නිදහස් කිරීමට පියවර ගත් බව එරට වාර්තා සඳහන් කළා.

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 909 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 40,171 ක් වනවා.

ගතවූ පැය 24 තුළ චීනයේ හුබෙයි පළාතේ පමණක් මරණ 97 ක් සිදුව ඇති අතර, කොරෝනා ආසාදිත නව රෝගීන් සංඛ්‍යාව 3062 ක්.

කෙසේ වෙතත් චීනයේ හුබෙයි පළාතේ නිල මරණ අනුපාතය 4.06 ක් වන අතර, ඊට ආසන්න තියෙන්මන් නගරයේ නිල මරණ අනුපාතය වන 5.08ට දෙවන වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post