News Line| Off Air
Generic placeholder image

Feb
10

මත්ද්‍රව්‍ය වැටලීමට ප්‍රමුඛතාවයක් දෙන බව STF නව ප්‍රධානියා කියයි

852 Views


මත්ද්‍රව්‍ය වැටලීමට ප්‍රමුඛතාවයක් දෙන බව STF නව ප්‍රධානියා කියයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණ දෙන නිලධාරියා ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද සිය ධුරයේ වැඩ භාරගත්තා.

එම බලකායේ හිටපු අණ දෙන නිලධාරී එම්.ආර් ලතීෆ් මහතා එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ පත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නා.

එම්.ජී ලයනල් ගුණතිලක මහතා 1985.01.20 වන දින උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස සේවයට බැදීමෙන් අනතුරුව 1986.03.20 වන දින විශේෂ කාර්ය බලකායට එක් වී තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ අතුරු හමුදා පුහුණුව ලැබීමෙන් අනතුරුව කි‍්‍රයාන්විත ප‍්‍රදේශ වල කැපවීමෙන් රාජකාරි කළ එතුමා ඉතා කෙටි කලකින්ම විශේෂ කාර්ය බලකා කදවුරු අණදෙන නිලධාරිවරයෙකු ලෙස කදවුරු ගණනාවකම රාජකාරී කටයුතු වල නිරත වූ බව සදහන්.

එතුමා වසර 09 කට වැඩි කාලයක් විශේෂ කාර්ය බලකායේ සේවයේ නිරත වී ඇති අතර පසුව පොලිස් පරීක්‍ෂකවරයෙකු, පොලිස් ස්ථාන වල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙසද සේවය කර තිබෙනවා.

එමෙන්ම සහකාරි පොලිස් අධිකාරිවරයෙකු, පොලිස් අධිකාරිවරයෙකු මෙන්ම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙසද උසස්වීම් ලද මෙතුමා කෑගල්ල, කැබිතිගොල්ලෑව, හැටන් යන ප‍්‍රදේශ වල කොට්ඨාස භාර නිලධාරියෙකු ලෙසද රාජකාරි කටයුතු වල නිරත වී ඇති බව සදහන්.

2019.11.30 වන දින නියෝජ්‍ය පොලිස්පති දූරයට පත් වී ඇති මෙතුමා ශී‍්‍ර ලංකා පොලිස් වෘත්තියේ වසර 35 ක සේවාවක් සපුරා ඇති අතර අද දින ඔහු විශේෂ කාර්ය බලකායේ 12 වන අණදෙන නිලධාරි ලෙස තම ධූරය භාරගනු ලැබුවා.

හිටපු අණ දෙන නිලධාරී එම්.ආර් ලතීෆ් මහතා මෙන්ම තමාද මත්ද‍්‍රව්‍ය වැටලීම් සදහා ප‍්‍රබල දායකත්වයක් දෙන බවත්, තමාගේ වැඩිදුර අවධානය මත්ද‍්‍රව්‍ය වැටලීම් සිදුකිරීම බවත් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව සියත ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post