News Line| Off Air
Generic placeholder image

Feb
11

සජින් වාස්ට එරෙහි නඩුව ලබන 25 වනදා විභාගයට

675 Views


සජින් වාස්ට එරෙහි නඩුව ලබන 25 වනදා විභාගයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා තීන්දු කළේ මෙම නඩුවේ විභාගය ලබන 25 වන දා ආරම්භ කරන බවයි. එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා නියම කළා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් කෝටි 30 කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කර නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post