මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මහතා නම් කර තිබෙනවා.
ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අද දිනයේදී පුවත්පත්වල ප්‍රසිද්ධ නිවේදනයක්ද පළකර තිබුණා.
ඒ අනුව ලබන 25 වන දිනට පෙර මෙම නම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට අවස්ථාව පවතින බව සදහන්.
ඒ අනුව ලබන 25 වැනි දිනට පෙර මෙම නම්කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට යම් පුද්ගලයකු හෝ සංවිධානයක් කැමති නම් ලේකම්, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කාරක සභා කාර්‍යංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලිඛිතව දැන්විය හැකි යැයි එම උසස් නිලතල පිළිබද කාරක සභාව කියා සිටියා.
