නව කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සියයට 20 කින් පමණ පහළ ගොස් ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කළා.
කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1018 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් මරණ 103 ක් ගතවූ පැය 24 තුළ වාර්තාවීම විශේෂත්වයක්.
එසේම කොරෝනා වෛරසය ආසාදනය වී දිනක් තුළ 100 වැඩි පිරිසක් මියගිය ප්‍රථම අවස්ථාවද මෙය වනවා.
ඒ අනුව හුබෙයි සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානියා සහ ලේකම්වරයා ඇතුලු ප්‍රධානීන් කිහිපදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට චීන රජය පියවර ගෙන ඇති අතර වූහාන් නගරය වසාදමා අදට දින විස්සක් ගතවනවා.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක්ද චීනයට ළඟාවී ඇති අතර, එහි අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ප්‍රකාශ කර ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය විමර්ශනය කිරීම සඳහා ඔවුන්ට පූර්ණ බලය පවරා ඇති බවයි.
කෙසේ වෙතත් ඉදිරියේ උදාවන උණුසුම් කාලගුණයත් සමඟ මාරාන්තික නව කොරෝනා වෛරසයේ අවදානම පහව යනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තා පවසනවා.