News Line| Off Air
Generic placeholder image

Feb
12

අධික උෂ්ණත්වය හේතුවෙන් වායුගෝල දුවිලි අංශු ප්‍රමාණය ඉහලට

937 Views


අධික උෂ්ණත්වය හේතුවෙන් වායුගෝල දුවිලි අංශු ප්‍රමාණය ඉහලට

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වායුගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය තවදුරටත් ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් දරුවන් හතිය වැනි රෝගී තත්වයන්ට ලක් වීමේ අවධානමක් ඇති බව සදහන් කරන සෞඛ්‍ය අංශ පවසන්නේ ඒ නිසා දරුවන් හට වැඩි පුර ජලය පානය කිරීමට ලබා දෙන ලෙස දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම වැඩිපුර දහදිය පිටවන ව්‍යායාමයන් ගෙන් බොහෝ දුරට ඈත් වී කටයුතු කරන ලෙසත් හැකි සෑම විටම ගමන් බිමන් යෑමේදී තෝප්පු පලදීම, කුඩයක් භාවිතා කිරීම, සැහැල්ලු ඇදුම් ඇදීම ආදිය දරුවන් උදෙසා සිදු කරන ලෙසයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post