වනජීවි දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා පැවැති හමුවකදී මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සදහන් කලේ දරුවන්ට ක්‍රීඩා පිටියක් සදහා භුමියක් වෙන් කර දෙන ලෙසයි. එහිදී වනජීවි දෙපාර්තුමේන්තුවේ නිලධාරීනිය සදහන් කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුම වන ගණනය වන 1.6 % ප්‍රමාණයක් පවතින බවයි. විශේෂයෙන්ම සිය දෙපාර්තුමේන්තුවට එයිනුත් තිබෙන්නේ අක්කර 18 ක් පමණක් බවත් තව දුරටත් වනාන්තර එලි කිරීම් සහ අනවසර ඉඩම් ගොඩ කිරීම තුලින් පාරිසරික පද්ධතිය අසමතුලිත වී ඔක්සිජන් ප්‍රමාණය අවම වන බව එම නිලධාරිනිය අවධාරණය කළා.
එහිදී එම නිලධාරිනිය සමග දැඩි උණුසුම් කතා බහකට පැමිණි සිටි පිරිස් කටයුතු කල අතර එහිදී ඔවුන් සදහන් කලේ ඔක්සිජන් තිබුනද දරුවන් අයහපතට යොමු වීම සිදුවන බවයි. කෙසේ වෙතත් එම නිලධාරිනිය සදහන් කලේ අදාල ව්‍යාපෘතියට අවසර ලබා දෙන්නේ නීතියට අනුකුලව බවයි.