News Line| Off Air
Generic placeholder image

Feb
12

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

976 Views


කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනට වයඹ, බස්නාහිර, දකුණු හා ගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මන්නාරම සිට පුත්තලම හරහා ‍කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර සෙස මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 45-50 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් වි‍ට තරමක් රළු විය හැකියි.

ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන‍ ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post