News Line| Off Air
Generic placeholder image

Feb
12

චීනයේ වූහාන් සිට පැමිණි සිසුන් 16 වැනිදාට මුදා හරියි

563 Views


චීනයේ වූහාන් සිට පැමිණි  සිසුන් 16 වැනිදාට මුදා හරියි

චීනයේ වූහාන් සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක නිරෝධායන කරන සිසුන් 33 දෙනා එළැඹෙන ඉරිදා දිනයේදී මුදා හැරිමට හැකිවෙනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරාවීර මහතා ප්‍රකාශ කළා.

සිසුන් පෙබරවාරි 01 දා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් අතර ඔවුන්ගේ නිරෝධායන දින 14 සෙනසුරාදා අවසන් වීමට නියමිතය. ඔවුන්ට කෝවිඩ් 19 වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු කිරීමෙන් පසුව ඔවුන් තවදුරටත් රඳවා තබා ගැනීමට හේතුවක් නොමැති බව ඔහු ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post