නව කොරෝනා වෛරසය කොවිඩ් නයින්ටීන් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා. වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1115 කට අධිකයි.
නව කොරෝනා නියුමෝනියාව හේතුවෙන් මියගිය ගණන 1113ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ අලුතින් වාර්තා වූ මරණ 97ත් සමගයි. නව මරණ සියල්ලම වාර්තා වන්නේ චීනයෙන්.
ලොව පුරා ආසාදිතයින් ගණන මේ වන විට 44000 ඉක්මවා ඇති අතර සුවය ලැබූ ගණන 4740 කට ආසන්න වන අතර වෛරසය මුල්වරට වාර්තා වූ වූහාන් නගරය වසා දමා අදට දින 21ක් වන අතර මිලියන 11 ක පමණ ජනතාවකට වාසභූමිය වූ නගරය අද වනවිට පවතින්නේ දැඩි නිහඬතාවකයි.
වෛරසය පාලනය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලෝ පුරා විද්‍යාඥයින් රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවීමට ද නියමිතව තිබෙනවා. මේ අතර නව කොරෝනා වෛරසය කොවිඩ් නයින්ටීන් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.
චීනයේ වූහාන් සිට අමෙරිකාවට ගෙන ආ 200 කට ආසන්න පිරිසක් කැලිෆෝනියා ප්‍රාන්තයේ නිරෝධායන මධ්‍යස්ථානයක යොමුකර ඇති අතර ඒ අතර වූවාන් හි අමෙරිකානු කොන්සාල් ජනරාල්වරයාද වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.