කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ලද පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාව, හොංකොං රාජ්‍යයද තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී මෙරටින් හමුවූ චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල හොංකොං රාජ්‍යයට යොමුකළ අතර, එම වෛද්‍ය වාර්තාවලින් ද ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
එම චීන ජාතික කාන්තාව අද රෝහලෙන් පිටව යෑමට නියමිතව තිබුණු බව වාර්තාවුවත් එය අද දිනයේ සිදු නොවන බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළා.
එමෙන්ම, චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට පැමිණ දියතලාව යුද හමුදා කදවුරෙහි විශේෂ නිරෝධායන ඒකකයේ රදවා සිටින ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනාගේ අවසන් වෛද්‍ය වාර්තා අනිද්දා ලබාදීමට නියමිත අතර පසුව ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යාමට හැකි වනවා.
මේ වන විට කොවිඞ් – 19 හෙවත් කොරෝනා වෛරසය වැලදීමෙන් මියගිය සංඛ්‍යාව 1018 ක්. ආසාදිතයන් සංඛ්‍යාව ද 45,204 දක්වා ඉහළ ගොස් ඇති බවස් සදහන්.
කෙසේ වෙතත් චීන වැසියන් ලූනා නව වසර නිමා කරමින් ලබන සතියේ සිට සිය දෛනික කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් ඒ අනුව මිලියන 160 කට අධික සේවකයින් පිරිසක් එළඹෙන අඟහරුවාදා සිට යළිත් සිය සේවා කටයුතු ආරම්භ කරන බවත් විදෙස් වාර්තා සඳහන් කළා.