News Line| Off Air
Generic placeholder image

Feb
12

කොරෝනා ආසාදිතව සිටි මාස 04ක බිළිඳෙකු සුවය ලබයි

1131 Views


කොරෝනා ආසාදිතව සිටි මාස 04ක  බිළිඳෙකු සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදිත වූ මාස 04ක් වයසැති බිළිඳෙකු සුවය ලැබූ පුවතක් චීන මාධ්‍ය අද වාර්තා කළා.

මව්පියන්ට වෛරසය ආසාදනය වී නොතිබුණු අතර බිළිඳා වෛරසයට ගොදුරුව තිබුණේ වයස මාස 03ක්ව තිබියදීයී.

මාසයක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ දරුවා හයිනැන් පළාතේ සුවය ලැබූ ළාබාලතම දැරිය ලෙස වාර්තා අතරට එක්වෙමින් රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා.

මේ අතර ආසාදිත මවක විසින් නිරෝගී දරුවෙකු බිහිකළ පුවතක්ද චීන මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් ඇයට දරුවා තමන් ළඟ තබා ගැනීමට ඉඩ නොලැබෙන අතර විශේෂ ප්‍රතිකාර ඒකකයේ හෙදියන් විසින් දරුවා රැක බලා ගැනෙන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post