News Line| Off Air
Generic placeholder image

Feb
13

පාස්කු කොමිසම අද යළි රැස්වෙයි

649 Views


පාස්කු කොමිසම අද යළි රැස්වෙයි

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිෂන් සභාව අද යළි රැස් විමට නියමිතයි. මේ වන විට පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි කොමිසමේ ප‍්‍රකාශයකු සදහන් කළේ.
මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ පියාගේ සහෝදරයා වන රෂීඞ් අච්ජුල් අක්බාර් පසුගිය 11 වනදා කොමිසම හමුවේ පෙනී සිටියා. ඔහු වසර 24 ක් ජමාතේ ඉස්ලම්යා සංවිධානයේ සභාපති ධුරය ද හොබවා ඇති අතර ඔහු එම තනතුරෙන් ඔහු එම තනතුරෙන් ඉවත්ව ඇත්තේ වසර දෙකකට පෙරයි.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සදහන් කළේ ෂරීයා නිතිය ලංකාවේ නිතියක් නොවුණාද අරාබ් පාසල් වල එම නිතිය උගන්වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post