සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වය යටතේ පිහිටුවන නව සන්ධානයට සහය ලබාදෙන බව ජාතික හෙළ උරුමය, දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය පවසනවා.
එම පක්ෂ මේ බව සදහන් කළේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්.
නව සංධානයට සියලූ දෙනා සහාය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. ඇය මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයප‍්‍රියත්වය ප‍්‍රයෝජනයට ගැනීමට පිරිසක් උත්සාහ කරන බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එක්සත් ජාතිික අර්බුදය උග‍්‍ර අතට පත්ව ඇති බව පාර්ලිිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා
එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය 10 වනදා පස්වරුවේ රැස්වුණේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී පැවැති අතර එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් ධුරයට රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරීමට එහිදී අනුමැතිය හිමිවුණා.
සන්ධානයේ ලකුණ පිලිබද එහිදී අවසන් එකගතාවකට එළඹීමට නොහැකි වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය පසුගිය 30 වනදා රැස්වු අවස්ථාවේදී තීරණය කළේ සන්ධානයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමටයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කළ යුතු බවත් එදින තීරණය වුණා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කලේ යූ එන් පී යන කෙටි යෙදුම සහිත පක්ෂයක් ලියාපදිංචි කිරීම සදහා අවස්ථාව නොදෙන ලෙසයි.
ජාතික සමගි බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන ලෙස මැතිවරණ කොමිමෙන් ඉල්ලීමක් කර ඇති අතර එම පක්ෂයේ ඉංග‍්‍රීසි නාමය කෙටි කළ විට යූ එන් පී ලෙස දෙන බව ලිපියේ සදහන්.
එබැවින් යූ එන් පී යන කෙටි යෙදුම දැක්වෙන කිසිදු පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙසත් / පවතින පක්ෂය නාමය වෙනස් කිරීමට අවස්ථාන නොදෙන ලෙසත් නිශ්ශංක නානායක්කාර මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමගි ජන බලවේගය පෙරමුණට අදාලව ලබා දුන් සංශෝධන මැතිවරණ කොමිසම විසින් පිළීගත්තේ පසුගිය 07 වනදායි
එහි සභාපති ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කරන අතර ලේකම් ලෙස කටයුතු කරන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතායි.