වටරැක තරුණයින් පුනරුත්තාපනය කරනු ලබන සුනීත පාසල් භූමිය තුළ නව බන්ධනාගාරයක් ඉදිරිකිරීම සම්බන්ධයෙන් මූලික සැලසුම් සකස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදුකිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ජනාධිපතිවරයා පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී බන්ධනාගාරයේ පවතින අවම ඉඩපහසුකම් සම්බන්ධයෙන් රැදවියන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා.
ඒ පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අක්කර 38ක භූමි ප්‍රදේශයක පවතින වටරැක සුනීත පාසල් භුමියේ නව බන්ධනාගාරයක් ඉදිකරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
ඊට අමතරව බන්ධනාගාරවල පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව බූස්ස බන්ධනාගාරයට ද පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව යෙදවීමට තීරණය කර තිබෙනවා.