News Line| Off Air
Generic placeholder image

Feb
13

රටවල් 48කට ලබා දුන් නිදහස් වීසා කාලය තවදුරටත් දිගු කෙරේ

586 Views


රටවල් 48කට ලබා දුන් නිදහස් වීසා කාලය තවදුරටත් දිගු කෙරේ

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ අනුව මෙම නිදහස් වීසා කාලය 2020 පෙබරවාරි 01 වෙනි දා සිට 2020 අප්‍රේල් 30 වන දින දක්වා දීර්ඝ කළ බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉතා අවම මට්ටමක පැවතීම නිසා මෙම නිදහස් වීසා ලබා දීම සිදු කෙරුණේ 2019 අගෝස්තු 01 වැනි දා සිට මාස 06 ක කාලයක් සඳහාය. ඒ අනුව එම කාලය 2020 ජනවාරි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ අතර මෙලෙස නිදහස් වීසා දීර්ඝ කෙරුණේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළත් රටවල් 48 කටය.

නිදහස් වීසා වැඩසටහන ක්‍රියාක්මක වූ කාලය තුළ මෙම රටවල් 48 න් මෙරටට පැමිණි සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මේ නිසා සංචාරක ක්ෂේත්‍රයේ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සදහා මෙම පියවර ගත් බවද හෙතෙම පෙන්වා දෙයි.


News Articles
Latest Videos
Most Popular Post