News Line| Off Air
Generic placeholder image

Feb
13

කොරෝනා වලට බියෙන් වරාය 5කින් ප්‍රතික්ෂේප වූ මගී නෞකාව කාම්බෝජයට ඇතුළු වෙයි

913 Views


කොරෝනා වලට බියෙන් වරාය 5කින් ප්‍රතික්ෂේප වූ මගී නෞකාව කාම්බෝජයට ඇතුළු වෙයි

වරාය 5කින් ප්‍රතික්ෂේප වූ එම්.එස්.වෙස්ටර්ඩෑම් මගී නෞකාවට කාම්බෝජයේ – සිහනොක්විල් වරායට ඇතුළු වීමට අවසර ලබාදී තිබෙනවා.

අදාළ නෞකාවේ මගීන් හරහා කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වී යැයි බියෙන් තායිලන්තය, තායිවානය, ගුවාම්, පිලිපීනය සහ ජපානය යන රටවල් විසින් එම නෞකාව ආපසු හරවා යවා තිබුණා.

කාම්බෝජය මෙම නෞකාවට ඇතුලුවීමට අවසර ලබා දී ඇත්තේ මෙවන් පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.

මගීන් 1455 දෙනෙකු සහ 802 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩල සමග මෙම නෞකාව පසුගිය පෙබරවාරි පළමුවනදා හොංකොං සිට ගමන් ආරම්භ කර ඇත්තේ දින 14 ක සංචාරයක් සඳහා බව විදෙස් වාර්තා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post