News Line| Off Air
Generic placeholder image

Feb
13

නියගය නිසා විදුලිය කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල ඇමති කියයි

756 Views


නියගය නිසා විදුලිය කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල ඇමති කියයි

රටේ කිසිදු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන තිබූ සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා පවසා සිටියේ පවතින දැඩි නියං තත්ත්වය සමග ජලවිදුලිය නිෂ්පාදනය මේ වනවිට සියයට 30ක් දක්වා පහත වැටී ඇති බවයි. එම තත්ත්වය තුළ ඩීසල් හා ගල් අගුරු තාප බලාගාර ආශ්‍රිත විදුලි නිෂ්පාදනය සියයට 68 දක්වා ඉහළ ගොස් ඇති බව ඇමතිවරයා පැවැසුවා.

විදුලිබල අර්බුදයක් පැවැතියද කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වැඩකටයුතු සම්පාදනය කර ඇති බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post