අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේ පළමු නිල සංචාරයේ නිරත වුන අතර එහිදී එතුමා ඇතුළු ධුත පිරිස සමග ගිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාද එක්වුන අතර ඒ අනුව ඉන්දීය සංචාරය පිලිබදව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ කවදාවත් නොලැබුණු විශේෂ පිළිගැනීමක් සහ ප්‍රතිලාභ රැසක් මෙම සංචාරයේදී රටට හිමිවුණ බවයි.
විශේෂයෙන්ම මන්ත්‍රීවරයා සදහන් කලේ තමා ඉන්දීය අගමැතිවරයාගෙන් ජනාකීර්ණ නගරයක් වන කැලණිය – කොළඹ නිවාස යෝජනා ක්‍රමයක් ලබා දෙන ලෙස එතුමාගේ අවධානය යොමු කල බවයි. එමෙන්ම එතුමා මෙම ධුත පිරිසට ඇතුලත් වීම පිලිබදව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන කතා බහ පිලිබදව එතුමා අදහස් පල කරමින් සදහන් කලේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සංචාරයට එකතු වුයේ වඩා විශ්වසනීය පිරිසක් බවත් තමා වැනි පොඩි තැනින් ඇවිත් ප්‍රයෝගික මිනිස්සු මෙවැනි දේවලට සම්බන්ධ කර ගැනීම සැමදෙනාටම ගැටළුවක් වී ඇති බවත් එය මිනිස්සු දකින විදිය අනුව තීරණය කල යුතු බවයි වැඩි දුරටත් සදහන් කලේ.