News Line| Off Air
Generic placeholder image

Feb
14

කොවිඩ් වෛරසයෙන් මියගිය ගණන 1486 දක්වා ඉහළට

959 Views


කොවිඩ් වෛරසයෙන් මියගිය ගණන 1486 දක්වා ඉහළට

රටවල් රැසකට පැතිරිගිය කොවිඩ් නයින්ටීන් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 1486 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වෛරසය ව්‍යාප්තියේ සහ මරණ අනුපාතයේ සැළකිය යුතු වෙනසක් අදවන විට සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

රටවල් 28ක් ගොදුරු කරගත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව අදවන විට 65000 ඉක්මවා තිබෙනවා. රෝගය හේතුවෙන් දිවි අහිමිවූ සංඛ්‍යාව 1486කි. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී සුවඅතට හැරී ඇති සංඛ්‍යාව 5954 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ අතර වෛරසය ව්‍යාප්තියේ සහ මරණ අනුපාතයේ සැළකිය යුතු වෙනසක් අදවන විට සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට මෙතෙක් හමුවූ ආසාදිතයින් මුළු ගණන 219 කි.

ඒ අතුරින් පළමු මරණය ඊයේ වාර්තාවුණ අතර මේ අතර වෛසරය මුල්වරට වාර්තා වූ චීනයේ වූහාන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා අදට දින 23කි.

චීන ජනාධිපතිවරයාගේ නියෝග මත වූහාන් නගරය වෙත 2600 කින් සමන්විත හමුදා වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හැර තිබෙනවා.

මේ අතර චීනයේ වූහාන් සිට මෙරටට පැමිණ දියතලාව හමුදා කඳවුරේ ස්ථාපිත විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිස අද මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post