News Line| Off Air
Generic placeholder image

Feb
14

මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් වසර 20 කට වඩා පැරණියි

579 Views


මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් වසර 20 කට වඩා පැරණියි

මාන්කූලම් රෝහල් භූමියේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමට කැනීම් කටයුතු වල නිරත සේවකයින්ට එම භූමියේ තිබී හමු වූ අස්ථි කොටස් කිලිනොච්චිය රෝහලේ විශේෂඥ වෛද්‍යරයා විසින් නිරීක්ෂණය කළ අතර එම අස්ථි කොටස් වසර 20කට වඩා පැරණි බවට නිගමනය කෙරුණා.

පසුගිය 07 වැනිදා මාන්කුලම් පොලිස් ස්ථානය වෙත මාන්කුලම් රජයේ රෝහල් වෛද්‍ය නිළධාරියෙකු විසින් මෙසේ රෝහල් භූමියෙන් අස්ථි කොටස් හමුවීම පිළිබඳව පැමිණිලි කර තිබුණා.

මේ සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන එලැඹෙන 26 දින නැවත අධිකරණයේදී කැඳවීමට නියමිත අතර මාන්කුලම් පොලීසිය මගින් එය සිදුකරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post