News Line| Off Air
Generic placeholder image

Feb
14

බදු සහන ප්‍රතිලාභය යටතේ පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩුවෙයි

803 Views


බදු සහන ප්‍රතිලාභය යටතේ පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩුවෙයි

රජයේ බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණින් භාණ්ඩ 18,000 කට අධික සංඛ්‍යාවක මිල අඩු කිරීම සඳහා පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

භාණ්ඩ මිල අඩු කිරීම් සම්බන්ධයෙන් භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන 700ක ගෙන් පමණ ඒ සම්බන්ධයෙන් ලිඛිතව විමසීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කළා.

බදු සහනය ලබාදීමට පෙර භාණ්ඩවල මිල ගණන් සහ බදු සහනය ලබාදීමෙන් පසු භාණ්ඩවල මිල අඩු කිරීම සිදුකළ හැකි ආකාරය සම්බන්ධයෙන් එහිදී විමසා තිබෙනවා.

ඒ අනුව අදාල සමාගම් විසින් ලබාදුන් තොරතුරු මත පදනම්ව භාණ්ඩවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් වන විශ්ලේෂණ කටයුතු මේ වන විට සලකා බලමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා.

ගොඩනැඟිලි ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ළදරු නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, විදුලි උපකරණ, ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු කිරීම් රජයේ බදු සහන ප්‍රතිලාභය යටතේ සිදු කිරීමට නියමිතයි.

බදු සහන ප්‍රතිලාභය යටතේ කිරිපිටි සහ සිමෙන්ති මිල අඩු කිරීමට ද මීට පෙර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post