News Line| Off Air
Generic placeholder image

Feb
14

සජිත් හා එජාප මන්ත‍්‍රී කණ්ඩායම අතර හමුවක්

501 Views


සජිත් හා එජාප මන්ත‍්‍රී කණ්ඩායම අතර හමුවක්

එක්සත් ජාතික පෙරමුණේ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර හමුවක් අද පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි.

එම සාකච්ජාවෙන් අනතුරුව ආසන සංවිධායකවරුන් සමග හමුව ආරම්භ වුණා අතර මෙහිදී සාකච්ඡුා කර ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබදවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡුාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙන අතර පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්වරු 2 යි 30 ට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී එය පැවැත්වෙනු ඇති.
පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ එහිදී කරුණු කිහිපයක් පිලිබද අවධාණය යොමු කරන බවත් මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති මන්ත‍්‍රීවරුන් 04 දෙනෙකු විනය පරීක්ෂණයක් සදහා කැදවා තිබෙනවා. විනය පරීක්ෂණය පැවැත්වෙන්නේ නිදහස් පක්ෂ මුලස්ථානයේ දීයි.
එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට අද පැමිණෙන්නැයි දන්වා තිබෙනවා. විජිත් විජිතමුණි සොයිසා මහතා විනය කමිටුව හමුවට කැදවා ඇත්තේ හෙට දිනයේ දීයි.


News Articles
Latest Videos
Most Popular Post