ගිනි බිසව් (Guinea Bissau) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ (Umaro Cissoko Embalo) මැතිතුමා කෙටි සංචාරයක් සදහා අද (14) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණ සිටින බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කළා.
ගිනි බිසව් රාජ්‍යයේ සිට කුවේට් බලා යන අතරතුර මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් මෙසේ පැමිණ ඇති අතර ඔවුන් ගිනි බිසව් රාජ්‍යයට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින දහවල් 11.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇති බව සදහන්.