උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී, විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ මංගල රැස්වීම අද පස්වරුවේ යාපනයේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වීමට නියමිත බව හිටපු උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළා.
මෙහිදී දෙමළ ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂය ඉටු කළ යුතු කාර්යයන් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව මන්ත්‍රීවරයා කියා සිටියා.